Police fire tear gas to disperse protest in Fort

The Police fired tear gas and water cannons to disperse a protest in Fort today.

The protest was staged by unemployed graduates.

1 COMMENT

  1. රටක තිරසාර සංවර්ධනය ලග කර ගත හැක්කේ එරට මානව සම්පත නිවරදි ලෙස කලමනාකරණය කිරීමෙනි. රටක උපාධිධාරීන් යනු වටිනා මානව ප්‍රාග්ධනය වේ. උපාධිධාරීන් විරුකියාවෙන් පසුවන රටක තිරසාර සංවර්ධනයක් උදාකර ගත නොහැක. පසුගිය කාලයේ මෙරට දිසා ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අධික වියදමක් දරා පවත්වන ලද සම්මුක පරීක්ෂණ වලින් හා ජන මාධ්‍ය වලින් ලද තොරතරු විමර්ශනය කර බැලීමෙන් 60,000කට අධික තරුණ පිරිසක් විරුකියාවෙන් පසුවෙන බව අනාවරනය විය. එසේම අධික වියදමක් දරා පවත්වන ලද එම සම්මුක පරීක්ෂණ වලින් ලද ප්‍රයෝජනයක්ද නොමැත. දැනට රජයේ කාර්යාලවල උපාධිධාරී පුරප්පාඩු 40,000කට අසන්න ප්‍රමාණයක්ද, උපාධිධාරී ගුරු පුරප්පාඩු 20,000 අසන්න ප්‍රමාණයක් ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල පවතින බවට අනාවරනයවී තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම හා පළාත් රාජ්‍ය සේවයනට ඇතුලත් වීමට ඇති ප්‍රායෝගික අක්‍රමිකතා හේතුවෙන් බොහෝ තරුණ උපාධිධාන් විරුකියාවෙන් වයසට යන අතර සමහරක් ප්‍රමාණවත් නොවෙන කුඩා වැටුපකට සුළු රැකියාවක් කරමින් දුකසේ ජීවත්වෙති.

    ශ්‍රී ලංකාවේ මධ්‍යම හා පළාත් රාජ්‍ය සේවයනට බදවා උපාධිධාරීනට ප්‍රමුඛතාවය ලබාදීම ඉතා වැදගත්වේ නැතහෙත් එය වටිනා මානව සම්පතක් අපතේ හැරීමකි. ඒ හෙතුවෙන්, පළාත් රාජ්‍ය සේවයනට බදවා උපාධිධාරීන් බදවා ගැනීමේ අවම වයස් සිමාව අවුරුදු 45 දක්වා වියයුතුය. ඔවුන් විසින් එතෙක් වෙනත් පාඨමලා හැදෑරීමන්, වෘත්තීය පළපුරුදු හා අත්දැකීමෙන් ලද දැනුම රාජ්‍ය සේවයන්ට පිවිසුණු පසු වැදගත්වේ.

    රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් අභ්‍යන්තර හා බාහිර උපාධි පිරිනමනුයේ සම්මත, විධිමත් හා ක්‍රමවත් ක්‍රමවේදයකිනි. එම බාහිර හා අභ්‍යන්තර උපාධිධාරීන් එකසේ අප රටේ සංවර්ධනයට උපයෝගීකරගත හැකිවේ. විශේෂයෙන් පළාත් රජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට එම පළාත් සභාවන් විසින් විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කළයුතුවේ. පළාතක ජිවත්වන උපාධිධාරීන්ට එම පළාත හැගීමක් හා අවබෝධයක් ඇත. පළාතේ සංවර්ධනයට එය ඉතා වැදගත්වේ. පළාතේ ආර්ථික, සමාජයීය, කෘෂිකාර්මික, කාර්මික, ග්‍රාමීය, නාගරික, සෞබ්‍ය වැනි අංශවල සංවර්ධනයට සංවර්ධන නිලධරීන් එම පළාතේ උපාධිධාරීන් අතුරින් තෝරා පත්කරගෙන ඔවුන්ගෙන් විධිමත්, පලදායී හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට හොද රාජ්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් යොදා ගතයුතුවේ. සංවර්ධන නිලධරීන් සේවය පළාත් සංවර්ධනයට අත්‍යවශ්‍යවූ වටිනා සේවාවකි.

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසැල් තුල විශාලා ගුරු හිගයක් පවතියි. මේ සදහා අවශ්‍ය උපාධිධාරීන් පෙර සදහන් කල මෙන් පළාතෙන්ම තොරගත යුතු වන අතර ඔවුන්ට පළාතේ දරුවන් සම්බන්ධයෙන් ඉතා හොද අවබෝධයක් පවතී. එයින් ඔවුන්ට පළාත් අධ්‍යාපනයට ඉස්තරම් සේවාවක් සැපයිය හැකිවේ. ඒ සදහා බදවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 45 දක්වා වැඩිවිය යුතුය.

    රජයේ සේවයේ නිරතවී සිටින ස්ථීර සේවකයන් විශ්‍රාම ස්වකීය වයසට (වයස -55, 55, 55+) පෙර ස්වකැමැත්තෙන් විශ්‍රාම යැවීම තුළින් විරුකියාවට විසදුම් ලෙස, ගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ ගරු චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපතිතුමිය විසින් සාර්ථකව ක්‍රියාත්මක කරණ ලදී. ගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් 1990දී සහ ගරු චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපතිතුමිය විසින් 1995දී, ඔවුන්ගේ රජයන් විසින් වයස 55ට අඩු විශ්‍රාමිකයන් ස්වකැමැත්තෙන් විශ්‍රාමයා හැකි ක්‍රමවේදයක් හදුන්වාදුනේය. එයට අනුව 55ට අඩු විශ්‍රාමිකයන්ට 55දී ලැබෙන විශ්‍රාම වැටුප ලබාගත හැකිවේ. බෙහෝ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල වයස 55 අඩු ස්ථීර සේවකන් පවා මේ ක්‍රමය යටතේ 100,000 පමණ පිරිසක් විශ්‍රාම ගියේය. එයින් රටේ බොහෝ තරුණ පිරිසකට (100,000 වඩා) රජයේ නව රැකියා අවස්ථා සැලසුණි. නව තාක්ෂණික දැනුමෙන් යුක්ත තරුණ ශ්‍රම හමුදාවෙන් රටේ සංවර්ධනය වේගවත් විය. රාජය සේවයට ඇතලත් වීමේ අවම වයස් සිමාව 45 වියයුතුය අතර රජ්‍ය සේවයට ඇතලත් වීමට උපාධිධාරීන්ට ප්‍රමුකත්වය දේශපාලන පත්විම් වලින් තොරව ලබාදිය යුතුය. ඔවුන් රටේ සම්පතක් වන නිසාවෙනි. පවතින රජය විසින් එම මානව සම්පත නිසි ලෙස කළමනාකලයුතු වේ.

    පෙර රාජ්‍ය සේවයේ විශාම ගිය වයස අවුරුදු 60ක් විය නමුත් වර්තමානයේ විශ්‍රාම යන වයස අවුරුදු 65ක් කර ඔවුන් තව වසර 5ක් රාජ්‍ය සේවයේ තබා ගැනීම හේතුවෙන් නවකයින් විශාල පිරිසකට (100,000 පමණ) රාජ්‍ය සේවයට ඇතලත් වීමේ මර්ග අවහිර වී ඇත.

    වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා මුල්‍ය හේතුවෙන් ගරු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් සහ ගරු චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපතිතුමිය විසින් අනුගමනය කල ක්‍රමවේදය අදට පවා විරුකියාවට විසදුමක් ලෙස යොදාගත හැකිවේ. යස 55 වනවිට සේවකයන්ගේ කායික හා මානසික දුබලතාවයන් හටගැනීම හේතුවෙන් ඔවුන්ගේ පලදායිතාවය හා කර්යෂමතාවය අඩුවීම සිදුවේ.

    වර්තමාන රජ්‍ය සේවක වැටුප සකස්කරනුයේ රජ්‍ය සේවකයකු විශ්‍රාම යාමට පෙර ඔහුගේ අවසන් වසරේ මුලික වැටුප උපයෝගී (පාදක) කරගනිමිනි. ඒ හේතුවෙන් බොහෝ රජ්‍ය සේවකයන් තමන්ට විශ්‍රාම යාහැකි උපරිම කාලය (65) තෙක් රජ්‍ය සේවයේ පසු වනුයේ තම සේවය කෙසේ වුවත් ඉහළ විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුක්තවය. මේ හේතුවෙන් විශාල මුදල් ප්‍රමානයක් විශ්‍රාම වැටුප් සදහා වැය කිරීමට රජයට සිදුවේ.

    රාජ්‍ය විශ්‍රාම වැටුප් සම්බන්ධ යෝජනා

    (1) . රජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සෑදීමේදී රජ්‍ය සේවකයකුගේ වයස අවුරුදු 55දී ඔහු ලබාගන්නා මුලික වැටුප පමනක් උපයෝගී (පාදක) කරගනිමින් විශ්‍රාම වැටුප පිළියෙළ කළ යුතුවේ. එමගින් රජ්‍ය සේවකයකු වයස අවුරුදු 60දී විශ්‍රාම ගියද වයස අවුරුදු 55දී ඔහු ලබන රජ්‍ය සේවක විශ්‍රාම වැටුපම ඔහුට හිමිවේ. එහෙයින් ඉහළ විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ අරමුණින් අනවශ්‍ය ලෙස සේවයේ නිරතවීමේ හා සේවය දිගුකරගැනීමේ ආශාවන් ඔවුන් තුළ ඇති නොවේ.

    (2). රජ්‍ය සේවක විශ්‍රාම වැටුප් විෂමතා අවම කිරීම ඉතා වැදගත්වේ. එකම රාජකාරී මට්ටමේ එකම කලපරිචේදයක් නිමකල නමුත් වෙනස් වකවානුවක සේවයකල රජ්‍ය සේවකන්ගේ විශ්‍රාම වැටුප් වෙනස් අගයන් ගනියි. වර්තමානයේ විශ්‍රාම යන එවැනි සේවකයන්ගේ වැටුප් මිට වසර 30කට පෙර විශ්‍රාම යන එවැනි සේවකයන්ගේ වැටුප් වලට වඩා බොහෝසෙයින් වැඩිවේ (දෙගුණයකටත් වඩා). ඔවුන් කුමන වකවානුවක රජය වෙනුවෙන් සේවයකලද ඔවුන්ගේ සේවාවන් එක සමානව අගය කලයුතුවේ. මෙම විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කල යුත්තේ සියලු දෙනාම විශ්‍රාමිකයන් බැවින් ඔවුන්ට එකසමාන ජිවන වියදමක් දැරීමට සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here